sinhala,technology

දුරකථනය ඉගැන්වූ පාඩමක්

අද මෙච්චර දවසක් මගේ blog එකේ කතානොකරපු දෙයක් ගැන කතාකරන්නයි යන්නේ ඒ පොඩි තාක්ෂණික කරුණු ටිකක්.

මේ දවස්වල ස්මාර්ට් ෆෝන් එකක් භාවිත නොකරන කෙනෙක් හොයන්න බෑනේ.හිඟන්නෙක් වුනත් අනිත් අයත් එක්ක මැසේජ් කරන්නේ වට්ස්ඇප් වලින් තමා අද කාලේ. ඒකත් සාධාරණයි ඉතින්, මොකද ෆෝන් එකකින් sms ගහන්න හරි call කරන්න හරි හිඟන්නෙක්ට තියා සාමාන්‍ය මිනිහෙකුටවත් බෑ මේ තියන බදුත් එක්ක.

හරි ඒ ඇති, අපි කතාවට යමුකෝ
අද කතාකරන්නේ බදු ගැන නෙවෙයි ස්මාර්ට් ෆෝන් ගැන. ඒකෙනුත් ලංකාවේ බහුතරයක් දෙනා භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක් ආරක්ෂිතව භාවිතා කීරීම ගැන.(මේ කියලා තියන දේවල් වින්ඩෝස් දුරකථනයකට වුනත් අදාලයි නමුත් වින්ඩෝස් ෆෝන් වලට තියන ඇප් වෙනස් නිසා එයට හරියන ඇප් එකක් භාවිතා කල යුතුයි)

මේ ලිපිය මට ලියන්න හිතුනේ ලඟදි මට වුන අකරතැබ්බයක් නිසා. ගිය සතියේ දවසක උදේ මම මගේ දුරකථනය භාවිත කරමින් ඉන්න වෙලාවක එකවරම දුරකථනය ඕෆ් වුනා නැවත restart කරන්න කොච්චර උත්සාහ කලත් logo එකෙන් නතර වෙනවා. කොහොමවත් හදාගන්න බැරිවුනා.මගේ දුරකථනය අවුරුදු 2කටත් වඩා පරණ නිසා වගකීම් සහතිකයත් කල් ඉකුත් වී තිබුනේ. පසුව දුරකථනය හදාගත්තත් නමුත් එහි තිබූ දත්ත සියල්ල නැතිවුනා.

මෙහෙම දෙයක් වුනාම දැනෙන දේට කියන්න වචනයක් තියනවද මන්දා මොකද ඒක වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක්. මගේ දුරකථනයේ මතකයේ තිබුන සියලුම ඡායාරූප වට්ස්ඇප් වයිබර් පණිවිඩ, මම නෝට්පෑඩ් එකේ save කරලා තිබ්බ වැදගත් සටහන් ඒ වගේම uc browser එකේ තිබුන බුක්මාර්ක් ඒ විතරක් නෙවෙයි දුරකථනයේ තිබුන contacts සියල්ල පවා මට නැති වුනා.

මේ දේ මට විතරක් නෙවෙයි අපි කාට වුවත් කොයි වෙලාවක වුනත් වෙන්න පුලුවන්. ඉතින් මේකට ගන්න ක්‍රියාමාර්ගයක් නැද්ද? තියනවා. ඒ ගැන තමයි මේ සටහන.

ගොඩක් අය මම මේ කියන්න යන දේවල් දන්නවා ඇති. ඒත් මේවගේ වටිනාකම තේරෙන්න නම් මට වගේ වාසනාවන්ත සිද්දියක් වෙන්නම ඕන. අපි ඩේටා ඉතුරු කරගන්න කියලා මේ පහසුකම් භාවිත නොකර හිටියොත් පාඩුව වෙන්නේ අපිටම තමයි.

මම මේ පහත දක්වලා තියන ඇප් මඟින් අපේ දත්ත දුරකථනයට පිටතින් cloud servers වල ගබඩා කරලා තියාගන්න පුලුවන් ඒ නිසා දුරකථනය නැති වුනත් ඕනෑම තැනක සිට ඕනෑම උපාංගයකින් ඒ තොරතුරු වෙත ප්‍රවේශ වෙන්නත් අපට පුලුවන්

1) ඡායාරූප (google photos )

මම දුරකථනයේ තිබෙන ඡායාරූප ස්ව්‍යන්ක්‍රීයව ගබඩා කරන්න මෑතක් වෙනකම්ම භාවිතා කලේ flicker මෘදුකාංගය. නමුත් flicker වලට වඩා google photos වල පහසුකම් වැඩි නිසා මම දැන් භාවිතා කරන්නේ google photos ඒ නිසාම මම මෙතන විස්තර කරන්නනේ google photos ගැන විතරයි.
• මූලික පහසුකම්
*මෙම ඇප් එකට මුහුණු වෙන වෙනම හඳුනාගැනීමේ හැකියාව
*වාහන,ස්ථාන හා භාන්ඩ හඳුනාගැනීමේ හැකියාව
*වයිෆයි වලට සම්බන්ධ කලවිට auto sync වීමේ හැකියාව
*Keywords එකක් මාර්ගයෙන් තමන්ගේ ඡායාරූප ගොනුවෙන් අවශ්‍ය ඡායාරූපය පහසුවෙන් සොයාගැනීමට හැකිවීම
*1080p දක්වා වීඩි⁣යෝ ඇතලත් කිරීමට හැකිවීම
*16MB දක්වා ගුනාත්මක භාවයෙන් යුත් ජායාරූප ඇතුලත් කලහැකිවීම.
*අපට දත්ත ගබඩා කිරීමට ලබාදෙන ඉඩ ප්‍රමානය අසීමිත වීම
### ( 1080pට වැඩි ගුනාත්මක බවින්යුතු වීඩි⁣යෝ සහ 16MB ට වැඩි අගයකින් යුතු ඡායාරූප ඇතුලත් කිරීමේදී එම දත්ත ඔබගේ ගූගල් ඩ්‍රයිව් ගිණුමට අයත් 15GB වල ගබඩා කරනු ලැබේ)

2)Notes (google keep)

අපි ගොඩක් වෙලාවට note එකක් දාගන්නේ එහෙම නැත්නම් හිතට එන මොකක්හරි අදහසක් කවියක් වගේ දෙයක් ලියාගන්නේ phone එකේ note pad එකේ නේ. ඒක කොහෙත්ම ආරක්ෂිත නැහැ. ඒකට google වලින් හඳුන්වා දුන්න විසඳුම තමයි google keep මේ ඇප් එක මඟින් ඔබ තබන සටහන් ඒ වහාම ඔබගේ google keep ගිණුමට upload වෙන නිසා කිසි සේත්ම නැති වෙන්නේ නෑ වගේම https://keep.google.com/ වෙබ් අඩවියට පිවිසීම මඟින් ඕනෑම උපාංගයක් මාර්ගයෙන් නැවත download කරගැනීමට ද හැකිවෙනවා.

3) bookmarks (uc account )

මේකට ගොඩක් ක්‍රම තියනවා ලේසිම ක්‍රමය තමයි google chrome භාවිතා කරන කෙනෙක් නම් google chrome තුල ඔබගේ google ගිණුමට ලියාපදිංචි වී chrome තුල bookmarks තබා ගැනීම. එවිට ඔබ ඕනෑම උපාංගයකින් chrome ගිණුමට ඇතුළු වූ විට එම bookmarks එම උපාංගයේද දිස්වනු අැත.ඒත් chrome වල google ads දිස්වීම හා වැඩි ඩේටා ප්‍රමානයක් වැයවීම යන හේතු නිසා මම නම් එය භාවිතා කරන්නේ නැහැ.

මම දුරකථනයේ වැඩිපුරම භාවිතා කරන්නේ uc browser එයට හේතුව තමයි. භාවිතයට පහසු හා සරල වීම, දැන්වීම් අවහිර කිරිම හා වැඩි දත්ත ප්‍රාමාණයක් වැය නොවීම (data saving)
මෙහිදී uc browser හි සැකසුම් වලට පිවිස uc account එකක් සාදාගෙන ලියාපදිංචි වීමෙන් ඔබගේ bookmarks නැතිවීම වලක්වා ගතහැකියි.

4) contacts (google contacts )

සමහර වෙලාවට අපි අමතක වෙලා phone එක ගෙදර දාලා යනවා නේද? ඔක්කොම contacts ටික තියෙන්නේ phone එකේ නම් ඒ වෙලාවට අබසරණයි. මොකද දැන් කාටවත් ඉස්සර වගේ ටෙලිෆෝන් නම්බර් කටපාඩම් නැති නිසා ඒ වෙලාවට ගෙදරට වත් call එකක් දෙන්න නම්බර් එක නැති වෙනවා. ඒ වගේ වෙලාවට පිහිටට එන්න google දෙයියා විසින් මවපු ඇප් එක තමයි google contacts මේක ඇන්ඩ්‍රොයිඩ් lollipop හා ඊට ඉහල සංස්කරණවලට නොමිලේ බාගත කරගන්න පුලුවන්.

මේ මඟින් ඔයාගේ සියලුම contacts google account එකේ ආරක්ෂිතව තැන්පත් කරනවා ඒ වගේම ඕනෑම උපාංගයකින් https://contacts.google.com වෙත පිවිස ඔබගේ google account එකට ලොග් වීමෙන් ඔබගේ contacts වලට පිවිසෙන්න පුලුවන්.

මේ ලිපියේ ඇති තොරතුරු බොහෝ දෙනෙක් දන්නා බවට කිසි සැකයක් නැහැ. නමුත් මේ පහසුකම් භාවිතා කරන පිරිස සීමිත විය හැකියි.
ඔබ දන්නා තොරතුරු අප සමඟ බෙදාගන්න පහලින් comment කරන්න 🙂

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s